පාසලේ ඉතිහාසය

පොත් ප්‍රදර්ශනය

IMG-20230911-WA0003.jpg
914a1158-9a7a-428b-ae8e-10f90b428e2d.jpg

පාස‌ලේ ආරම්භය හා ඉතිහාසය

 

කුරුණෑගල දිස්ත්‍රික්කය‍ේ ඉබ්බාගමුව කලාපයේ  ගනේවත්ත අධ්‍යාපන කොට්ඨාස කාර්යාලයට අයත් එකම පාසල මෙයයි.

 

  • ආරම්භ කළ වර්ෂය

1948 ඔක්තොම්බර් 01

  • එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

  • පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

16

  • මුල් ගුරුතුමාගේ නම

ඒ.බී.ඒ.ජයවර්ධන මහතා

  • පාසලේ නම

 එස්.බී.හේරත් මධ්‍ය මහා විද්‍යාලය

  • පාසල භාරව කටයුතු කිරීම

ජේ.එමි.ජේ.තිලකරත්න මහතා

  • පාසල පැවැත්වූ ස්ථානය

ගනේවත්ත

                            ග්‍රාමිය දරුදැරියන් දහස් ගණනකගේ නැණනුවණ පහදන තෝතැන්න වූ s.b. හේරත් විදු මාතාව ආරම්භ කරන ලද්දේ 1948 වර්ෂයේ ඔක්තෝම්බර් මස පළමු වැනි දිනයි. හිරිපිටිය senior school නමැති ඉංග්‍රීසි මාධ්‍ය පාසල ලෙස ආරම්භ කළ මෙම ජාතික පාසල ආරම්භ කිරීමට මූලිකත්වය ගෙන තිබුණේ අගමැති සර් ජෝන් කොතලාවල මහතා ආරම්භක විදුහල්පති තුමා වන්නේ ඒ.ජී.ඒ. ජයවර්ධන මහතා වන අතර ආරම්භයේ දී එක් ගුරුවරයෙක් සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දාසය දෙනෙකු මෙම පාසලේ අධ්‍යාපනය ලබා ඇත. භූමි ප්‍රමාණය අ.7 රූ.ඩ් 2 පර්.12ක් පමණ වූ මේ පාසල් භූමියේ ආරම්භයේ දී එක් ගොඩනැගිල්ලක්,එක් ගුරු නිවාසයක්,එක් ළිඳක්, සහ එක් වැසිකිලියකින් යුක්ත විය. 1959 වර්ෂයේ දී සාමාන්‍ය පෙළට සිසුන් ඇතුළත් කළ මේ පාසල 1962 වර්ෂයේදී මහා විද්‍යාලයක් බවට පත් කළා පාසල් සමුපකාරය ආරම්භ කරන ලද්දේ 1962 වර්ෂයේදී 1962 වර්ෂයේදී පාසැල් බාලදක්ෂ කණ්ඩායම 1963 ජනවාරි පස්ස දින දෙවරු පාසල් පැවැත්වීම 1963 හත් වෙනි මස තුන්වන දින විභාග මධ්‍යස්ථානයක් ලෙස තෝරා ගැනීම 1963 ජූනි මාසයේ පළමු වැනි දින උසස් පෙළ පන්ති පැවැත්වීමට අවසර ලැබීම ආදී විශේෂ සිදුවීම් රැසක් මේ මහා විද්‍යාලය තුළ අතීතයේ සිදු විය. 1962 වර්ෂයේදී සිව වස නම් පුස්තකාලය ආරම්භ කළ අතර 1987 පෙබරවාරි මස 16 වන දින ප්‍රධාන ශාලාව විවෘත කිරීම සිදු වූවා. 1991 වර්ෂයේ මාර්තු මස 23 වන දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කිරීම හා බුදු මැදුර විවෘත කිරීම ආදී විශේෂ සිදුවීම් රැසක් සිදු කර තිබෙනවා. මධ්‍ය මහා විද්‍යාලයක් බවට පත් කළ මෙම පාසල තුළ කාර්යාලය අසල ඇති දෙමහල් ශාලාව විවෘත කිරීම 1996 වර්ෂයේ දෙසැම්බර් මස හත් වෙනි දින සිදු විය. එමෙන්ම මෙම මධ්‍ය මහා විද්‍යාලය නැත්නම් s.b. හේරත් ජාතික පාසල වල අප පාසල ජාතික පාසලක් බවට පත්වූයේ 1999 වර්ෂයේ ජනවාරි මස පළමුවෙනි දින බවට පත්වූ පාසලේ පුස්තකාලය ආරම්භ කරන ලද්දේ 2000 වර්ෂයේ අටවැනි මස 14 වැනි දිනයි. ප්‍රාථමික දෙමහල් ශාලාව සහ සා.පෙළ විද්‍යාගාරයේ විවෘත කිරීම සිදු වූයේ 2007 වර්ෂයේ මාර්තු මස 26 වෙනි දිනයි. 2012 වර්ෂයේ ජනවාරි පළමු වැනි දිනදී ටික පාසලක් බවට පත් කළ මෙම ජාතික පාසල උසස් පෙළ තාක්ෂණ විෂය ධාරාව ආරම්භ කිරීම සිදු වූයේ 2013 වර්ෂයෙදීය. ඊට ආසන්න කාල වලදී තාක්ෂණ විද්‍යාගාරය ආරම්භ කිරීම ද්වීතික පාසලක් බවට පත් කිරීම නෑ තාක්ෂණ පීඨ ආරම්භ කිරීම ආදී සිදුවීම් රැසක් සිදු විය.

 

(ලොග් සටහන් පොත ඇසුරින් උපුටා ගත් මෙම තොරතුරු සටහන් කර ඇත්තේ සහකාර විදුහල්පතිනි පී එන් බිසෝ මැණිකේ මිය විසිනි.)