විදුහල්පතිතුමාගේ ප්‍රකාශය
එච්.එම්.පේමරත්න මයා
ශ්‍රී ලංකාව යටත් විජිතයක් වීමත් සමග පන්සල කේන්ද්‍ර කරගත් අධ්‍යාපන ක්‍රමය පරිවර්තනයට ලක්වීම ආරම්භ වී යටත් විජිත යුගය තුළ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ සහ ආයතනවල පදනම සකස් වූ බව මාගේ හැගීමයි.ඒ අනුව 1948 දී නිදහස ලබන විට වර්තමාන ආකෘතියේ පාසල් දිවයින පුරා බිහිවෙමින් පැවතුණි. නිදහසේ අරුණලු සමග ගනේවත්ත නගරය කේන්ද්‍ර කරගනිමින් ඇරඹුණ පාසලේ විදු කිරණ අද මුලු ලක පුරා මෙන්ම ලොවටම විහිදී ඇත.
මෙම පාසලේ ඓතිහාසික විකාශය තුළ 1991 වර්ෂයේ ඇරඹෙන මාගේ ගුරු දිවියේ වසර 16ක කාලයක් මෙහි ගත කිරීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යකි.1998 වර්ෂයේ පාසලට වසර 50ක් පිරීම නිමිත්තෙන් පැවති උත්සව ශාලාවේදී විදුහල්පති එච්.ඩී.විජේරත්න මහතා යටතේ විද්‍යාව විෂය උප ගුරුවරවෙකු වශයෙන් සේවය කරමින් පාසලට ශක්තියක් වීමට මා හට හැකි විය.විශේෂයෙන් එම උත්සව මාලාවේ ප්‍රතිඵලයක් ලෙස මෙහි සපැමිණි එවකට අධ්‍යාපන ඇමති රිචර්ඩ් පතිරණ මහතා හා උසස් අධ්‍යාපන ඇමති විශ්වා වර්ණපාල යන මහත්වරුන් ජාතික පාසලක් ලෙස නම් කිරීමට කටයුතු සලසන ලදී.
එදා මෙදා තුර පාසලේ භෞතික පරිසරය විශාල පරිවර්තනයකට ලක් වී ඇත.එමෙන්ම මෙහි සෙනෙහස පහස ලද්දෝ බොහෝ වෙති. ලේඛන වලට අනුව එය දස දහස ඉක්මවයි. එලෙස සමාජගත වූවන් අතර රට දැය බබළවන බොහෝ පිරිසක් ඇත.අනාගතයේදී එවැනි පිරිස් තව තවත් බිහි වේවා යි යන්න මගේ ඒකායන අපේක්ෂාවයි.
දිනේවා දිනේවා සැමදා ගනෙවතු විදුහල් මාතා
එච්.එම්.පේමරත්න මයා
විදුහල්පති
එස්.බී.හේරත් ජාතික පාසල.






