පොත් ප්‍රදර්ශනය

IMG-20230911-WA0003.jpg
914a1158-9a7a-428b-ae8e-10f90b428e2d.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එස්.ආර්.කේ.කරැණාරත්න මයා

                     මාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පාසල ගැන මෙම කෙටි සටහන තබමි.1948 ආරම්භ වූ එස්.බී.හේරත් මධ්‍ය මහා විද්‍යාලය(ජාතික පාසල)2023 වන විට වසර 75ක් සම්පූර්න කරයි. අද වන විට 6 වසර සිට 13 වසර දක්වා පංති පැවැත්වෙන මෙම පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 1500ක් පමණ අධ්‍යාපනය ලබයි.ආචාර්ය මණ්ඩලය 90ක්පමණවේ.අ.පො.ස(උ.පෙළ)විද්‍යා,ගණිත,කලා, වාණිජ හා තාක්ෂණ යන විෂය ධාරාවන් පැවැත්වේ.ඊට අමතරව දහතුන් වසරක අඛණ්ඩ අධ්‍යාපනය සදහා ද පහසුකම් ඇත.විශේෂ අධ්‍යාපන ඒකකයක්ද ක්‍රියාත්මක වේ.

                       1948 සිට බලන විට ප්‍රමාණවත් නොවුවත් ඉතා සෙමෙන් වුවද ස්ථාවර ගමනක් මෙම පාසල පැමිණ ඇත.සැබැවින්ම ප්‍රදේශයේ ජනතාවගේ ජන ජීවිතයේ එක්තරා පැතිකඩක් පාසලෙන් නිරීක්ෂණය කළ හැකිය.

                       ගනේවත්ත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දරු දැරියන්ට අමතරව එයින් බැහැර ප්‍රදේශවල දරුදැරියන් ද මෙම පාසලට පැමිණේ. පොදුවේ බලන විට දරුවන්ගේ ආර්ථික පසුබිම එතරම් හොද තත්වයක නැත. සැලකිය යුතු දරු පිරිසකට නිසි දෙමාපිය රැකවරණය නොලැබේ. කෙසේ වෙතත් සමස්ත ලෙස ගත්කල දරුවන්ගේ ක්‍රීඩා ඇතුළු විෂය සමගාමී ක්‍රියාකාරකම් තරමක හොඳ මට්ටමේ පවතී. අධ්‍යාපන සාධන මට්ටම සැලකිල්ලට ගත්කල එය මැද මට්ටමේ පවතී.

                        ලංකාවේ බොහෝ ග්‍රාමීය පාසල් වල මෙන්ම මෙහිදී ගොඩනැගිලි පන්ති කාමර පහසුකම් ඇතුළු පහසුකම් ප්‍රමාණවත් නැත. ගුරු හිඟයක් ද පවතී. ඒ ප්‍රදේශ ආර්ථික හා සමාජීය දිවුණුව අඩු අගයක පැවතීම නිසයි. යමෙකු අපේක්ෂා කරන්නේ නම් මෙම පාසල ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සංවර්ධනය කිරීම අනිවාර්යය වේ.

එස්.ආර්.කේ.කරැණාරත්න මයා
නියෝජ්‍ය විදුහල්පති
එස්.බී.හේරත් ජාතික පාසල.