- පාසල ආරම්භ කිරීමට පෙර අවම වශයෙන් විනාඩි 20වත් පෙර පාසලට පැමිණිය යුතු වේ.
- ශිෂ්‍ය ශිෂ්‍යයාවන් නියමිත නිල ඇඳුමින් යුතුව පාසලට පැමිණිය යුතු වේ.
- පාසල අවට කිසිදු ආකාරයකින් පොලිතින් ආශ්රිත ද්‍රව්‍ය රැගෙන නොයා යුතුය.
- පෙ.ව 7.25 වන විට පන්ති කාමර හා පාසල අවට පිරිසිදු කර අවසන් විය යුතුය.
- උදේ රැස්වීම නියමිත පිළිවෙලකට පැවැත්විය යුතුය.
- අවසරයකින් තොරව පාසලෙන් බැහැරට නොයා යුතුය.
- අධ්‍යාපන කටයුතු ආරම්භ කළ පසු පන්ති කාමර වලින් බැහැරව අනවශ්‍ය ලෙස හැසිරීමෙන් වැලකිය යුතුය.
- පාසලේ සියලු විධිවිධානයන්ට අවනත විය යුතුය.
- පාසලේ පන්ති කාමර අතර ගමන් කිරීමේදී දෙපේලි වශයෙන් ගමන් කළ යුතුය.
- පාසල නිමවීමෙන් පසුව පේළි වශයෙන් බැහැර විය යුතු අතර ප්‍රධාන ගේට්ටුවෙන් පිට වී පාරේ දකුණු පසින් පිට විය යුතුය.
- පිරිමි ලමුන් කොණ්ඩය කොටට කපා පැත්තට පිරිය යුතු අතර රැවුල් වැවී ඇති සිසුන් රැවුල් කපා ආ යුතුය.
- පිරිමි ළමුන්ගේ පාවහන් කළු පැහැ චාම් ඒවා විය යුතු අතර ගැහැණු ලමුන්ගේ පාවහන් සුදු කැන්වස් හෝ චාම් මේවා විය යුතුය.
- සියලු සිසුන් අත්වල විවිධ නූල් ගැට ගැසීම සිදු නොකළ යුතුය.
- ගුරුභවතෙකු පන්තියේ නොමැති විට අනවශ්‍ය ඝෝෂා කිරීම හා හිංසාකාරී ක්‍රියා සිදු කිරීම නොකළ යුතුය.
- සෑම සීනු නාදයකටම සියලු දෙනා නිහඬ වී එයට සවන් දීමෙන් අනතුරුව තමා නිරත වන කාර්යයෙහි නිරත විය යුතුය.
- පන්ති කාලසටහනට අනුව සියළු දෙනාම විෂයන් වලට සම්බන්ධ විය යුතුය.
- පාසලට නොපැමිණ දිනයන් වලදී ඒ පිළිබඳව දෙමාපියන්ගේ දැනුම් දීමේ ලිපියක් රැගෙන ආ යුතුය.
- ගුරු සම්බන්ධතා පොත අනිවාර්යෙන්ම දිනපතා රැගෙන ආ යුතුය.
- පාසල නිම වී මේ පළමු සීනුව ප.ව 1.25 ට නාද වන අතර පාසලෙන් බැහැර වීම ප.ව 1.30 ට විධිමත් ආකාරයෙන් සිදු විය යුතුය.






