පොත් ප්‍රදර්ශනය

IMG-20230911-WA0003.jpg
914a1158-9a7a-428b-ae8e-10f90b428e2d.jpg
පොලිස් ශිෂ්‍යභට ජයග්‍රහණ

පොලිස් ශිෂ්‍යභට ජයග්‍රහණ

අප පාසලේ පවතින ශිෂ්‍යභට කණ්ඩායම මගින් ලබාගත් ජයග්‍රහණ

මෙන්ම ඔවුන් විසින් උත්සව අවස්ථාවන් වලදී සිදුකල සර්බ සංදර්ශන ආදියෙහි තොරතුරු මෙහි ඇතුලත් වේ.

පොලිස් ශිෂ්‍යභට උපදේශක පාඨමාලාව සාර්ථකව හැදෑරූ නිලධාරි/නිලධාරිනියන් සහ ජාතික ශිෂ්‍යභට කඳවුරුවලින් දක්ෂතා දැක්වූ පාසල් පොලිස් ශිෂ්‍යභට බාලක/බාලිකාවන් සහ පාසල් වල උපදේශකයින් හට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය 2019 වර්ෂයේ එකොළොස්වැනි මස 29 වන දින පොලිස් විද්‍යාලය මඟුල් මඩුවේ දී පැවැත්විණි.
 මේ අවස්ථාවට බඳවාගැනීම්, පුහුණු සහ ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අධ්‍යක්ෂ ජනරාල්(මුදල්) තමාරා අධිකාරි මහත්මිය ද විශේෂ ආරාධිතයෙකු ලෙස සහභාගි වුණි. 
පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි H.C.A.පුෂ්පකුමාර මහතාගේ සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පොලිස් ශිෂ්‍යභට) පොලිස් අධිකාරී චින්තක ගුණරත්න යන මහත්වරුන් ගේ අධීක්ෂණය යටතේ ඉතාමත් අලංකාර ලෙස මෙම උත්සවය ප්‍රාසාංගික අයුරින් පැවැත්වුණි. මේ සඳහා විවිධ පාසල්වල පොලිස් විශ්ව භට බාලක බාලිකාවන් සහ එම පාසල් වල ගුරුභවතුන් ඇතුළු කාර්ය මණ්ඩලය නිලධාරින් එක් විය.